වෙළෙඳපොලේ පවතින ගෑස් හිඟය හේතුවෙන් පාරිභෝගික ජනතාව තවදුරටත් අපහසුතාවට පත්වී ඇත.
එවන් පසුබිමක මේ වනවිට වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක්ද මතුවී ඇතැයි ජනතාව චෝදනා කරයි.
ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නැවැත්වීමත් සමඟ වෙළෙඳපොලේ එම ගෑස්වල හිඟයක් පසුගියදා හටගත් අතර තවමත් ලාෆ් ගෑස් පාරිභෝගිකයන් ඒ හේතුවෙන් අපහසුතාවට පත්වී සිටී.
ඒ අනුව ඔවුන්ට ලිට්රෝ ගෑස් සිලින්ඩර සමග ලාෆ් ගෑස් සිලින්ඩර හුවමාරු කරගැනීමට අවසර දෙන බව ප්‍රකාශ වුවත් තවමත් ඒ සඳහා බලධාරීන් අවසර ලබාදී නොමැත.
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම යෝජනාව කියාත්මක කිරීමට නෛතික බාධා පවතින අතර විකල්ප විසඳුම් වෙත අවධානය යොමු කර ඇති බවය.