කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (4) ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගුරු විදුහල්පති උද්ඝෝෂණයේ නිරතව සිටි 38 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම පිරිස අතර කාන්තාවන් 13 ක් සිටින බව හෙතෙම කීය.
මෙම පිරිස මහා මාර්ගය අවහිර කරමින් කළහාකාරි ලෙස හැසිරෙමින් විරෝධාවේ නිරත වු බවත්, විශේෂ පොලිස් කණ්ඩායමක් ඔවුන්ට එම ස්ථානයේ ඉවත් වන ලෙසට දැනුම් දුන්නද ඔවුන් එම අවවාද පිළි නොපැදීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
අයුතු අවහිරය, නීති විරෝධී ජනරාශියක සමාජිකයන් වීම්, ප්‍රධාන මාර්ගයක් අවහිර කිරීම, මංමාවත් පනත, සහ නිරෝධායන නීති යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.