කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා (06) පාර්ලිමේන්තුවේ විවාදයට නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
අධ්‍යාපනයේ සිදු කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබඳවද රජයේ අවධානය යොමු වී ඇත .
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ(02) රාත්‍රී පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත .
මෙම පනත් කෙටුම්පත ගෙන ආ යුතු බව පිරිසක් ප්‍රකාශ කර ඇති අතර, තවත් කිහිප දෙනෙකු සඳහන් කර ඇත්තේ මෙය ඉදිරිපත් නොකළ යුතු බවය .
මෙම පනත් කෙටුම්පත ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට රජයේ මීට පෙර තීරණය කර තිබිණි .