27 C
Colombo
26/11/2024

එන්නත් තුන්වන මාත‍්‍රාවක් දෙන්න රජය සැරසේ…

Share with your friends :

කොරෝනා වෛරසය පාලනය කිරිම සඳහා තුන එන්නත් මාත්‍රාවක් ලබා දීමට සූදානම් බව රජය සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනටමත් ඒ පිළිබඳ උපදෙස් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

දැනට වාර්තා වන සංඛ්‍යා ලේඛන අනුව කොරෝනා වෛරසයෙන් මියගොස් වැඩි පිරිස එන්නත්කරණය ට ලක් නොවූ වූ අය බව ද ඔහු සඳහන් කළේ ය.

එන්නත් ලබා ගෙන නැති ජනතාව හඳුනා ගැනීම පහසු වන පිණිස එන්නත් ලබා දුන් අයට විශේෂ හැඳුනුම්පතක් ලබා දීමේ වැඩපිළිවෙලක් යෝජනා වී ඇතැයි ද ඔහු තවදුරටත් පැවසීය.

Share with your friends :