27 C
Colombo
21/01/2025

ගුවන් යානාවක රැගෙන ආ හැකි එන්නත්කරණය සම්පූර්ණකළ මගින් සඳහා සීමා ඉවතට

Share with your friends :

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානාවක රැගෙන ආ හැකි එන්නත්කරණය සම්පූර්ණකළ මගින් සංඛ්‍යාව සඳහා වූ සීමා ඉවත්කිරීමට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව, එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දින 14ක් ගෙවා, ගුවන්ගත වීමට පැය 72ට පෙර ලබා ගත් සෘණාත්මක පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන මගීන් ව ගුවන්යානයේ මගී ධාරිතාව සම්පූර්ණකර මෙරටට රැගෙන ඒමට ගුවන් සමාගම් සඳහා අවසර ලබා දී ඇත.

එලෙස පැමිණෙන මගීන් සියලු දෙනාම ගුවන්තොටුපළේදී යළිත් පී.සී.ආර් පරීක්ෂණ සදහා යොමු කෙරේ.

එසේම ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ “ජෛව බුබුළ” සංකල්පය යටතේ ද සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින්ව ගුවන්යානයේ මුළු මගී ධාරිතාව සපුරන ලෙස මෙරටට ගෙන ඒමට රජය ගුවන් සේවා සමාගම් වෙත අවසර ලබාදී ඇත.

කෙසේ නමුත් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා එකක් හෝ කිසිදු එන්නතක් ලබාගෙන නොමැති මගීන් රැගෙන ඒමේදී එක ගුවන් යානයක රැගෙන ආ හැක්කේ මගීන් 75 දෙනෙක් පමණක් වන අතර එම මගීන් මෙරටට පැමිණි පසු අනිවාර්ය දින 14ක් නිරෝධායනයට යොමුකළ යුතු බවට සෞඛ්‍ය බලධාරීන් තවදුරටත් උපදෙස් ලබා දී ඇත.

Share with your friends :