ඩොලර් බිලියනයක ණයක් ගෙවයි.. සංචිත අඩියටම වැටේ..
ඩොලර් බිලියනයක මුදලක් එළැඹෙන සතියේදී කල් පිරෙන බැඳුම්කර සඳහා ගෙවීමට රජයට සිදුව ඇත.
මෙම මුදල ගෙවීමට සිදුව ඇත්තේ මහ බැංකුවේ දැනට ඇති විදේශ මුදල් සංචිත මගිනි.
එම ණය පියවූ පසු මහ බැංකුව සතු විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන තුනක සීමාවෙන් පහළට වැටෙනු ඇතැයි වාර්තා වේ.
මෙම තත්වය හේතුවෙන් මෙරට විදේශ මුදල් අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇතැයි මුල්‍ය විශ්ලේශකයන් කියති.