27 C
Colombo
07/11/2024

මංගලගෙන් “සැබෑ දේශප්‍රේමීන්” නමින් නව බලවේගයක්

Share with your friends :

ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයක් රටට අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් තමන් තරුණ සංවිධාන සමඟ නව බලවේගයක් ආරම්භ කරන බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීම මහතා පවසයි.

“සැබෑ දේශප්‍රේමීන්” නමින් නව බලවේගයක් ආරම්භ කරමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

“රාජ්‍ය නායකයින් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී හැමදාම විපක්ෂය විරුද්ධ වුණා. මේ සියලු දෙනා අද තත්ත්වයට වගකිව යුතුයි. රාජපක්ෂ විරෝධය මත විතරක් සන්ධාන හදලා වැඩක් නැහැ. ඒවා එතනින්ම හබස් වෙනවා. රාජපක්ෂ විරෝධය මත අපි 2015 දී අපි සන්ධාන ගතවුණා. බලය ගන්න පුළුවන් වුණාට පවත්වගෙන යන්න බැහැ, ජාතික ප්‍රතිපත්තියක් නැතිනම්.ප්‍රතිපත්ති මත සැලසුම් වුණ විකල්පයක් අවශ්‍යයි. මෙය දේශපාලන පක්ෂයක් වෙන්නේ නැහැ. දේශපාලන පක්ෂ නොවෙයි රටට අවශ්‍ය. මතවාදීව එකඟවෙන කණ්ඩායම්. මංගල පාරවල් කපන කාලේ ඉවරයි.”

ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිතය නිදහසෙන් පසුව වැටෙන අඩුම ප්‍රමාණයට අනිද්දා පත්වන බවත් ශ්‍රී ලංකාව නොපෙණෙන අගාදයකට වැටෙමින් තිබෙන බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

තමන් මුදල් අමාත්‍යවරයා ලෙස 2019 නොවැම්බර් මස 18 වැනිදා බාරදෙන විට මහ බැංකුවේ විදේශ සංචිතය ලෙස ඩොලර් බිලියන 7.6 ක් තිබූ බවත් හෙට ඩොලර් බිලියනයක ණයක් ගෙවීමෙන් පසු ඒ ප්‍රමාණය ඩොලර් බිලියන 2.6 ක් දක්වා අඩු වන බවත් මංගල සමරවීර මහතා සඳහන් කළේය.

පසුගිය වසර ඇතුළතදී ජාතික ආදායම ඩොලර් බිලියන 600 කින් පමණ අඩු වූ බව කී හිටපු අමාත්‍යවරයා මහ බැංකුව ඉතිහාසයේ අච්චු ගැසූ විශාලම මුදල් ප්‍රමාණයත් පසුගිය වසරේ බව කීය.

Share with your friends :