පුද්ගලයන්ගේ ජීව සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථානයක් සහ PCR පරීක්ෂණ සිදුකරන රසායනාගාරයක් කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයෙහි ජර්මානු සමාගමකට ඉදිකිරීම් අවසර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබා දී තිබේ.
ඒ සම්බන්ධයෙන් වූ කැබිනට් මණ්ඩලය යෝජනාව අනුමැතියට ඉදිරිපත් කර තිබුණේ සංචාරක අමාත්‍යාංශය විසිනි.
එම රසායනාගාරය ඉදිකිරීම සඳහා ගුවන්තොටුපල භූමියෙන් අක්කර එක හමාරකකට ආසන්න භූමියක් ලබාදීමට නියමිත අතර ඒ සඳහා වූ මාසික කුලී මුදල ඇමරිකානු ඩොලර් 10,000 කි.
එම පරීක්ෂණාගාරය මගින් PCR පරීක්ෂණයක් සිදු කිරීම සඳහා එක් පුද්ගලයකුගෙන් ඇමරිකානු ඩොලර් 40 ක ගාස්තුවක් අය කිරීමට නියමිතය.