27 C
Colombo
21/01/2025

ඕනෑම වර්ණයක සිලින්ඩරයක් සදහා ගෑස් සැපයීමට සූදානම් ලිට්‍රෝ ගෑස් සමාගම කියයි

Share with your friends :

රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.

එහි සභාපති තෙෂාර ජයරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කළ ද එම ධාරිතාවය ද ආවරණය කිරීමට තම සමාගමට හැකියාව පවතින බවයි.

ඒ අනුව ඔ්නෑම වර්ණයක සිලින්ඩරයක් සදහා ගෑස් සැපයීමට ලිට්‍රෝ ගෑස් සමාගම සූදානම් බවත් ඔහු කියා සිටී.
ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සැපයුම අත්හිටුව හොත් ලංකා ඛනිජ සංස්ථාවේ සම්පූර්ණ ගෑස් නිෂ්පාදනය ලිට්‍රෝ ගෑස් සමාගමට ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසයි.

ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයන අත්හිටුවීමේ සූදානමක් පවතින බවට විවිධ මාධ්‍යවල පළවී තිබීම පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවේ අවදානය යොමු වී ඇති බවත් එවැනි තත්වයක් ඇති වුවහොත් සිය ආයතනයට කිසිඳු පාඩුවක් නොවන බවත් සුමිත් විජේසිංහ මහතා කීය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සැළකිය යුතු ගෑස් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බව කී සභාපතිවරයා පැවසුවේ එම නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යන බවත්ය.

Share with your friends :