27 C
Colombo
20/01/2025

නැවේ ගින්නෙන් මියගිය සතුන් ගැන පරීක්ෂණවලට විදෙස් සහය

Share with your friends :

එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්නෙන් පසුව වාර්තා වූ කැස්බෑවන්, තල්මසුන්, ඩොල්ෆින් වැනි සත්වයින් මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව රජය පවසයි.

මෙම නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු බලපෑම හා හානිය සම්බන්ධයෙන් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වන්දි ලබා ගැනීම පිළිබදව තවත් සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන්, එම අමාත්‍යාංශයේ දී අද (19) පස්වරුවේ පැවති අතර එහිදී මේ බව සඳහන් විය.

පිළිබඳව සිදු කරනු ලබන පරීක්ෂණවල ප්‍රගතිය පිළිබදව අධිකරණ අමාත්‍යවරයා මෙහිදී අදාළ නිලධාරීන්ගෙන් විමසු අතර එහිදී ඔවුන් පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ඒ සඳහා අදාළ පියවර ගනිමින් සිටින බවයි.

මෙම නෞකාවේ ගින්න හේතුවෙන් රැකියාවන් අහිමිව පීඩාවට පත්වූ බස්නාහිර පළාතේ ධීවරයන්ට වන්දි මුදල් ලබාදීම මේ වන විට සිදුවන අතර වෙනත් දිස්ත්‍රික්කවල පීඩාවට පත් ධීවර ජනතාවගෙන් ලැබෙන තොරතුරුවල නිරවද්‍යතාවය පිළිබදව සළකා බලා ඔවුන්ට ද වන්දි ලබාදීමට රජය තීරණය කර ඇත.

මේ වන විට ලැබී ඇති වන්දි මුදල් හානියට පත් ධීවර ජනතාවගේ බැංකු ගිණුම් වෙත බැර කිරීම සිදුවන බවත්, නෞකාවේ ගින්න හේතුවෙන් රැකියාවන් අහිමිව පීඩාවට පත්ව සිටින වෙනත් දිස්ත්‍රික්කවල ධීවර ජනතාවගෙන් ලැබෙන තොරතුරුවල නිරවද්‍යතාවය පිළිබදව සොයා බලා ඔවුන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බවත් මෙහිදී සඳහන් විය.

ගින්න හේතුවෙන් අපවිත්‍ර වු මුහුදු වෙරළ පවිත්‍ර කිරීමේ කටයුතු, වන්දි මුදල් ලබා ගැනීමේ නීතිමය තත්වය, ධීවර ජනතාවට වන්දි මුදල් ලබාදීමේ කටයුතු, මුහුදු ජීවීන් මිය යාම, ජාත්‍යන්තර නීතිඥ සහාය ලබා ගැනීම ආදිය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

මෙම කටයුතු වෙනුවෙන් ජාත්‍යන්තර නීතිඥ සහාය ලබා ගැනීම සඳහා වන තෝරාගැනීම් විශේෂ කමිටුවක් මගින් සිදු කර ඇති තඅර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නා බව ද අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් සිල්වා, කංචන විජේසේකර, නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ යන මහත්වරුන් අමාත්‍යාශ ලේකම්වරුන්, නිලධාරීන්, නීතිඥවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Share with your friends :