මැතිවරණ හා ඡන්ද විමසීම් නීති රීති ප්රතිසංස්කරණයට අදාළව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත පිළිගත් දේශපාලන පක්ෂ 21කින් යෝජනා ලැබී තිබේ.
එමෙන්ම මහජනතාව හා සිවිල් සංවිධාන විසින් ද අදහස් හා යෝජනා 155ක් එම කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.
මැතිවරණ හා ඡන්ද විමසීම් නීති රීති ප්රතිසංස්කරණයට අදාළව පත්කර ඇති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත යෝජනා හා අදහස් ඉදිරිපත් කිරිම සඳහා පසුගිය 15වන දින තෙක් අවස්ථාව ලබාදී තිබුණි.
ඉදිරිපත් වී ඇති යෝජනා විශේෂ කාරක සභා රැස්වීම්වලදී අවධානයට ලක් කිරීමට නියමිත අතර විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීම ලබන 28 වනදා පැවැත්වීමට නියමිතය.