කොවිඩ් ආසාදිතවූ තවත් 50දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,661 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 29 දෙනෙක් සහ කාන්තාවෝ 21 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 38 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 12 දෙනකු ද වෙති.