27 C
Colombo
21/01/2025

වර්තමානයේදී රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ පොත්තේ පාට අනුවයි

Share with your friends :

වර්තමානයේදී රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ පොත්තේ පාට අනුව බව පෙනෙන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අතීතයේ දුප්පත් දුබල අයට එක නීතියක් ධනය බලය ඇති අයට තව නීතියක් යනුවෙන් මතයක් තිබුණත් වර්තමානයේ පොත්තේ පාට අනුව සරත් වීරසේකරලාගේ නීතිය වෙනස් වෙමින් ඇතැයි ද දිසානායක මහතා සඳහන් කළේය.

ඇතැම් අවස්ථාවල වෙඬරු පිඩක් සේ උණුවෙන හදවත් තවත් අවස්ථාවල කළුගලක් සේ දැඩි වන බවත් එය තීරණය කරන්නේ පොතේතේ පාට බවත් ජවිපෙ නායකයා කීවේය.

ඔහු ‍මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

නිදහස් අධ්‍යාපනයේ ආරක්ෂාව වෙනුවෙන් සාධාරණ උද්ඝෝෂණයක නිරත වූ වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිසක් ආණ්ඩුව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති නිසා වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීමට එම වෘත්තීය සමිතිවලට සාධාරණ අයිතියක් තිබෙන බවද ඔහු පැවසීය.

ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙහි තම පක්ෂය නියෝජනය කරන ප්‍රබල වෘත්තීය සමිතියක් සිටියත් එය පක්ෂය ගත් තීරණයක් නොව වෘත්තීය සමිති එකමුතුවේ තිරණයක් බව ද අනුර දිසානායක මහතා කීවේය.

කොරෝනා තත්වය උපයෝගී කරගෙන ජනතාව මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින ඇමතිවරයා සහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් සිටින බව ද ඔහු පැවසීය.

Share with your friends :