මුතුරාජවෙල රක්ෂිතයේ කොටසක් ගොඩකරමින් විදුලි බලාගාරයක් ඉදිකිරීමට එරෙහිව මුතුරාජවෙල සුරැකීමේ අගරදගුරු පදවි කමිටුව එම ප්‍රදේශයේ සාමකාමි විරෝධතාවයක් පැවැත්විය.
ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ නිර්දේශය පරිදි මහජන ඒකරාශිවීම් සහ උද්ඝෝෂණ සිදුනොකරන ලෙස පොලීසිය දැනුම් දී ඇති පසුබිමකය.
මුතුරාජවෙල සුරකීමේ අගරදගුරු පදවි කමිටුව විසින් සංවිධානය කර තිබු එම විරෝධතාවය ආරම්භ වුයේ බෝපිටිය ශාන්ත නිකලස් දේවස්ථානයෙනි.
ඊට බෝපිටිය සහ පමුණුගම ආශ්‍රීත මීසම් 17ක කතෝලික පියතුමන්ලා සහ ප්‍රදේශවාසින් සහය පළ කළේය.
මෙහිදි අදහස් දැක්වු අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ, ජුඩ් ක්‍රිෂාන්ත පියතුමා සඳහන් කර සිටියේ, මුතුරාජවෙල රක්ෂිතය සුරැකීම යනු රට සුරකිනවා හා සමාන වන බවය.
එහිදී ජේසුස් වහන්සේගේ ප්‍රතිමාවක් රැගත් රථයක් ප්‍රදේශය පුරා විදී සංචාරය කිරීම සිදුකළ අතර රථය තම නිවෙස් ආසන්නයෙන් ගමන් කරන විට මාර්ගය දෙපසට එක්වු ප්‍රදේශවාසින් විරෝධතා පුවරු සහිතව සාමකාමිව විරෝධය දැක්විය.