රාජපක්ෂ සහෝදරයන්ගේ එකමුතුකම දෙස බලා හෝ විපක්ෂයේ පක්ෂ එකතු විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසීය.
මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් නවීන් දිසානායක මහතා පැවසූයේ එකතු වෙන්න බැරිනම් රාජපක්ෂ සහෝදරවරුන් පරද්දන්නට නොහැකි බවයි.
“දැන් බලන්න ඒගොල්ලන්ගෙ තියන එකමුතුකම. අන්තිමට මොකද වුණේ.”බැසිල් ගන්නේ නෑ, බැසිල්ට දෙන්නෙ ආර්ථික සංවර්ධනය විතරයි,බැසිල්ට මුදල් දෙන්නේ නෑ” ඔය වගේ කතා ගොඩක් ගියා නේ. අන්තිමට තුන්දෙනා එකතු වෙලා හිනාවෙවී ඇමතිකම් ටික බෙදා ගත්තනේ.
රාජපක්ෂලා ඔවුන්ට තිබෙන බල කෑදරකම වෙනුවෙන් ඕනම දෙයක් කරයි .අපිට මේක තේරුම් ගන්න බැරි වෙනකම් රටට දෙයියන්ගේම පිහිටයි. යනුවෙන්ද නවීන් දිසානායක මහතා පැවසීය .