27 C
Colombo
25/11/2024

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් කොතලාවල විශ්ව විද්‍යාල පනතට විරෝධය

Share with your friends :

කොතලාවල විශ්ව විද්‍යාල පනතේ බරපතල අඩුපාඩුකම් පවතින අතර එය රටේ අධ්‍යාපනයට ඉතා නරක ලෙස බලපෑම් කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේය.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ මෙම පනත සම්බන්ධයෙන් රජයට ලබාදිය යුතු යෝජනා සම්බන්ධයෙන් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

මේ වන විටත් මෙම පනතේ අඩුපාඩුකම් පිළිබඳව රජයේ පාර්ශවය දැනුවත් කර තිබෙන බවයි ඔහු කියාසිටියේ.

”යම්කිසි විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමේදී ඒ සමඟ අනුබද්ධිත ආයතනවල අධීක්ෂණයන් අත්‍යවශ්‍යයි. උදාහරණයක් හැටියට වෛද්‍ය විද්‍යාලයක් නම් ඒ වෛද්‍ය විද්‍යාලය සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය සහ එහි අධීක්ෂණය අවශ්‍යයි. අනික් පැත්තෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ලෙස අනුමැතිය සහ අධීක්ෂණය අවශ්‍යයි. මේ පනතේ බරපතල අඩුපාඩුකම් කිහිපයක් තියෙනවා. එය ඉතාම නරක විදිහට බලපාන්න පුළුවන් මේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සහ අධ්‍යාපනයේ ඉදිරි ගමන් මඟට. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි රජය දැනුවත් කරලා තිබෙනවා මේ වෙනකොට.” යනුවෙන් කොළඹගේ මහතා සඳහන් කරන ලදී.

Share with your friends :