කොන්ත්‍රාත් ගිවිසුම කඩකරමින් ජනමාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසරක ක්‍රිකට් තහනමක් පවනවා එය වසර දෙකකට අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
එම දඩුවමට අමතරව ඔහුට ඩොලර් 5000 ක දඩයක් නියම කර තිබේ.
අත්හිටවූ තහනමක් හේතුවෙන් භානුකට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට කිසිඳු බාධාවක් නොමැති අතර ඔහු මේ වන විටත් ‘ජෛව ආරක්ෂිත බුබුලක’ කටයුතු කරයි.