27 C
Colombo
21/01/2025

බැංකු පොලිය අඩු වෙයි – උද්දමනය වැඩිවේ

Share with your friends :

දැනට රටේ බැංකු තැන්පතුවල පොලිය, මිල උද්ධමනයට අඩුවෙන් පැවතීම හේතුවෙන් පාරිභෝගිකයන් වාණිජ බැංකු කෙරෙන් ඉවත්ව යාමේ අවදානමක් උද්ගතව ඇත.
මැයි මාසයේ මිල උද්ධමනය සියයට 6.1ක් වන අතර තැන්පත්කරුවන්ට වාණිජ බැංකු ගෙවන පොලිය සියයට 4.5කි. මෙයට පෙර සෑම අවස්ථාවකදීම උද්ධමන අනුපාතිකය හා බැංකු පොලිය අතර සියයට 3ක පමණ ධනාත්මක වෙනසක් පැවතුණු නමුත් අද වනවිට උද්ධමන අනුපාතිකය හා සැසඳූ විට බැංකුවල පවතින්නේ සියයට 1.6ක ඍණ පොලියකි.
උදාහරණයක් ලෙස රුපියල් 100ක් බැංකුවේ තැන්පත් කළ කෙනෙකුට ලැබෙන්නේ රුපියල් 104.50කි. උද්ධමනය සියයට 6 වූ විට රුපියල් 100 මූර්ත අගය වන්නේ රුපියල් 98.50 කි.මේ නිසා බැංකු තැන්පතුකරුවන් ස්වකීය මුදල් ආපසු ලබාගෙන වෙනත් ආයෝජනවලට යොමුකිරීමේ ප්‍රවණතාවක් පවතී.
මේ තත්ත්වය දිගටම පැවතුණහොත් රටේ සමස්ත බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමකට ලක්විය හැක.

Share with your friends :