27 C
Colombo
23/01/2025

බස්නාහිර 30 ට වැඩි සැමට ජුලි 31ට පෙර එන්නත් දී අවසන් කරන්නට නියෝග

Share with your friends :

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට මේ මස 31 වැනිදාට පෙර කොරෝනා මර්දන එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ.

දිවයිනේ සියලුම ප්‍රදේශවල ඉහළ ප්‍රතිශතයකට ලබන සැප්තැම්බර් මාසයට පෙර එන්නත ලබාදීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ එන්නත්කරණය සහ කොවිඩ් මර්දන කටයුතු සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජිකයන් සමග ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීය.

Share with your friends :