රටට හානියක් කළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට පක්ෂපාතී අන්දමින් ප්‍රකාශ නිකුත් කරමින් ජනතාව නොමඟ යැවූ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාට දඬුවම් කළයුතු බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියන් අවධාරණය කරයි.
“රාජ්‍ය අමාත්‍යවරයෙක් කියනවා ඔය මුහුදු ජීවීන් මියයාම සිදුවන්නේ වාරකන් කාලයට සිදුවන ස්වාභාවික සිද්ධියක් නිසාය කියලා. රාජ්‍ය ඇමතිවරයාගේ පක්ෂග්රාහී අදහස් ප්‍රතික්ෂේප කරමින් මෙන්න 39 දෙනෙකුගෙන් යුතු විශේෂඥ කණ්ඩායමක් වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා මුහුදු ජීවීන්ට අත්වුණු ඇත්ත ඉරණම කියන්න. මේ සියලුම සතුන්ගේ මරණ සිදුවන්නට ඇත්ත හේතුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් නිකුත් වුණු විෂ සහිත රසායන ද්‍රව්‍ය කියන බව.
ඒ අතරවාරයේ ජනතාව නොමග යවන, පර්යේෂණ නොමග යවන, රටට හතුරුකමක් කළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට පක්ෂග්රාහීව කතා කරන නාලක ගොඩහේවා වැනි අයට දඬුවම් දිය යුතුයි. ඔවුන් තමන්ගේ වගකීම පැහැර හැරලා තියෙනවා, සත්‍ය වශයෙන්ම මහත්වරුන් හැටියට එවන් අය තමන්ගෙ වගකීම් වලින් ඉල්ලා අස්විය යුතුයි” යනුවෙනුයි එහිමි සඳහන් කළේ.
ඕමල්පේ සෝභිත හිමියන් මේ බව පැවසුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි.