27 C
Colombo
24/01/2025

බැඳුම්කර ඇලෝෂියස්ලාට නැවතත් මත්පැන් නිෂ්පාදන වරම්

Share with your friends :

රුපියල් බිලියන එකයි දශම පහකට (රුපියල් කෝටි 150) අධික බදු ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බලපත්‍රය අත්හිටුවන ලද ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය සක්‍රීය කර මත්පැන් නිෂ්පාදනය නැවත ආරම්භ කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී ඇත.

රජයට ගෙවිය යුතු හිඟ බදු ප්‍රමාණය වසර 02ක් ඇතුළත ගෙවා අවසන් කිරීමේ එකඟතාව මත මෙම අවසරය ලබාදුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි පැවැසීය.

බදු පැහැර හැරීම ​හේතුවෙන් 2018 වර්ෂය ආරම්භයේදී මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්හිටවනු ලැබූ අතර එම හිඟ බදු මුදල් රජයට අයකර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ලක් විය.

Share with your friends :