27 C
Colombo
19/01/2025

මහා වාහන ජාවාරමක් ගැන චෝදනා – ඇමතිලාටත් වාහන බෙදලා – වසන්ත සමරසිංහ

Share with your friends :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂයේ සිටි සමයේදී “ටොප් ටෙන් වංචා” නමින් හැඳින්වූ ජාවාරම් අතර තිබුණු වාහන ගෙන්වීමේ ජාවාරමකට වත්මන් ආණ්ඩුව යටතේ කැබිනට් අනුමැතිය ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්ව ඇති බවත් එකී වාහන ජාවාරම්කරුවාගෙන් වාහන ලබාගත් ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයේ ද සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා අනාවරණය කරයි.

“මුදල් අමාත්‍යාංශය 2021/065 මේ තියෙන්නෙ ඒ කැබිනට් පත්‍රිකාව. මේක අත්සන් කරන්නෙ කවුද, මහින්ද රාජපක්ෂ මහත්මයා. අර එදා ඒගොල්ලො ටොප් ටෙන් වංචාවට, වාහන ගෙනල්ලා ගලවලා නැවත ලංකාවට ගෙනල්ලා හයිකරලා අලුත් වාහන ලෙස ලියාපදිංචි කරලා විකුණන්න දෙන දැවැන්ත ජාවාරමට අවසර දෙන්න කියලා ඉල්ලලා තමයි මේ කැබිනට් පත්‍රිකාව දැන් යොමු කරලා තියෙන්නෙ. මේක අත්සන් කරපු මහින්ද රාජපක්ෂ මහත්තයා දන්නෙ නෑ මේකෙ මොනවද තියෙන්නෙ කියලා.
2002 මීට අදාළ සමාගමට මේ බලපත්‍රය දෙනකොට ආයෝජන මණ්ඩලය දීපු අනුමැතිය තමයි රුපියල් මිලියන 500ක විදේශ ආයෝජනයක් ගෙනල්ලා ලංකාවෙ අර වොක්ස්වැගන් ගෙනල්ලා හදනවා කිව්වා වගේ වාහන මෙහෙ එකළස් කිරීම සඳහා කර්මාන්තශාලාවක් හදන්න. හැබැයි මොවුන් මොකද්ද කරන්නෙ, ගැරේජ් එකකට ජපානෙ ගලවන වාහන ටික ගේනවා, මේ ගැරේජ් එකේ ආපහු වාහන ටික හයිකරනවා, මෝටර් රථ එකට දාලා ලියාපදිංචි කරලා විකුණනවා. ඉතිං ආයෝජන මණ්ඩලය 2002 ඉඳන් මේ අනුමැතිය දීලා 2006 මේ සමාගමට ලිපියක් ලියනවා ඔබ මේ ආයෝජනය කරලා නෑ, ඔබ මිලියන 500 වෙනුවට රුපියල් ලක්ෂ 5යි ආයෝජනය කරලා තියෙන්නෙ, එනිසා ඔබ මේ ව්‍යාපෘතියට සුදුසු නෑ, ඒක නිසා මේ අවසරය දෙන්න බෑ කියලා. අධිකරණය අවස්ථා ගණනාවක මේ සමාගමට අඩුම ගාණෙ අධිකරණයටවත් ආපහු එන්න එපා කියලා කියලයි තියෙන්නෙ.

අපි අහනවා එදා ටොප් ටෙන් වෙච්ච වංචාවලට අද කොහොමද බෙස්ට් ඉන්වෙස්ට්මන්ට් හැටියට මේ ආණ්ඩුවෙන් ඇපෲවල් දෙන්න හදන්නෙ ? අපි දන්නවා ගම්පහ දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු කීපදෙනෙකුට වාහන දීලා තියෙනවා. භාණ්ඩාගාරයට යන්න තියෙන මිලියන 25,000ක් වෙනත් තැනකට යවන්න වැඩක් තමයි මේ හදමින් තියෙන්නෙ. එක වෙලාවක වලාන දූෂණ මර්දන ඒකකයත් රේගුවත් ගිහිල්ලා මේ ගැරේජ් එක සීල් තියනවා. ඒත් මේ අයිතිකරු සීල් කඩලා වාහන 18ක් විකුණනවා. අද වෙනකල් විමර්ශනය කරන්නෙ නෑ. මොකද මේ ජාවාරම්කරුවා එක්ක ඔහුගේ වාහන පදින ඇමතිවරු කැබිනට් මණ්ඩලයේ ඉන්නවා”
වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ “දූෂණ විරෝධී හඬ” සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share with your friends :