27 C
Colombo
21/01/2025

බැසිල් ඉක්මනින් පාර්ලිමේන්තු ගෙනෙන්න ප්‍රමිතගේ නිවසේ සාකච්ඡා

Share with your friends :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ,හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවට ඔහුගෙන් ඉල්ලීමක් කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ දෙහිවල පිහිටි නිවසේදී මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවති අතර, ඊට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු 36 දෙනෙක් සහභාගි වූහ .

රට දේශපාලන වශයෙන් තීරණාත්මක තැනක තිබෙන මේ මොහොතේ, බැසිල් රාජපක්ෂ මහතා අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට පැමිණිය යුතුය යන්න රටේම මතය වී ඇතැයි ද එම මන්ත්‍රීවරු කියා සිටියහ .

ගීතා කුමාරසිංහ මහත්මියද ,නිපුන රණවක,එස් ඒ ඩී ජගත් කුමාර ,ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,ඉසුරු දොඩන්ගොඩ මිලාන් ජයතිලක,ගුණතිලක රාජපක්ෂ,උදේනි කිරිඳිගොඩ,සම්පත් අතුකෝරල, සංජීව එදිරිමාන්න යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරු 36 දෙනෙක්වූ ඊට සහභාගි වූහ.

එම සාකච්ඡාව පැය එක හමාරක් පමණ පැවත්විනි.

Share with your friends :