27 C
Colombo
16/11/2024

ඉන්දියාව ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත් යලිත් අපනයනය කරයි

Share with your friends :

ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ රටවල් කිහිපයකට ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත් නැවත අපනයනය කිරීමට ඉන්දියාව තීරණය කර ඇත.
ඒ අනුව ලබන ජුලි මාසය අවසානය හෝ අගෝස්තු මාසය වනවිට කොවිඩ් මර්දන එන්නත් එම රටවලට නැවත අපනයනය කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇත.
ඉන්දියාව විසින් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත රටවල් කිහිපයකට ලබාදුන් අතර එම එන්නත නිෂ්පාදනය කළ සීරම් ආයතනය ගිනි ගැනීමට ලක්වීම හේතුවෙන් හා කොවිඩ් ආසාදිත රෝගීන් සදහා කොවිඩ් මර්දන එන්නත් නිෂ්පාදනය නවතා දැමුණි.
කෙසේ වුවද කොවිඩ් මර්දන එන්නත් අපනයනය මේ වනවිට නතර කර ඇති ඉන්දියාව යළි එම කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

Share with your friends :