27 C
Colombo
20/01/2025

මැකාෆි මෘදුකාංගය නිපදවූ ජෝන් මැකාෆී දිවි නසා ගනී

Share with your friends :

වෛරස් ප්‍රහාරවලින් පරිඝනක බේරාගැනීම සඳහා මැකාෆි මෘදුකාංගය නිපදවූ ජෝන් මැකාෆී ස්‌පාඤ්ඤයේ බාර්සිලෝනා නගරයේ සිර මැදිරියකදී සිය දිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඔහුගේ සිරුර සිර මැදිරියක් තුළ තිබියදී හමුවී ඇත.

ආදායම් බදු නොගෙවූ බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුව අමෙරිකාවට පිටුවහල් කිරීමට එරට අධිකරණයක් තීන්දු කළ අතර ඔහුගේ සිරුර හමුවී ඇත්තේ එම තීන්දුව ලබාදී පැය කිහිපයකට පසුව බව සඳහන් වේ.

ඔහු සියදිවි නසාගෙන ඇති බවට වෛද්‍යවරු තීරණය කර ඇත.

මියයන විට 75 හැවිරිදි වියේ පසුවූ ජෝන් මැකාෆී, පරිඝනක වෛරසවලට එරෙහි ව නිපදවූ මෘදුකාංගය හේතුවෙන් කෙටිකලක් තුළ ධනවතෙක් බවට පත්වූ අතර පසුව ඔහු එම සමාගම ඩොලර් බිලියන 7.6කට ඉන්ටෙල් සමාගමට විකිණීය.

Share with your friends :