මරණ දඬුවම හිමිවී බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබේ.
භරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු සිර දඬුවම් විඳිමින් සිටියේය.
මහාධිකරණය විසින් 2016 සැප්තැම්බර් මාසයේ දී ඔහුට මරණ දඬුවම නියම කරන ලද්දේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කරමිනි.
ඊට එරෙහි අභියාචනා ද ප්රතික්ෂේපවූ අතර සියලු අධිකරණ මගින් දඬුවම ස්ථිර කර තිබිණි.
ජනාධිපති සමාව හිමි වූ දුමින්ද සිල්වා බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇත.
මේ අතර මහර බන්ධනාගාරයේ රදවා සිටින මරණිය දණ්ඩනයට නියම වූ සිරකරුවන් ආහාර වර්ජනයක් ආරම්භ කර ඇත.
ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ ජනාධිපති සමාව යටතේ දුමින්ද සිල්වාට කිරීමත් සමගය.
ඒ ආකාරයෙන්ම තමන්ද නිදහස් කරන ලෙසත් නැතිනම් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන ලෙසත් උපවාසයේ යෙදෙන රැඳවියන් ඉල්ලා සිටිති.
previous post