27 C
Colombo
20/01/2025

පාසල් දැන්ම විවෘත කරන්න බැරි බව ඇමති කියයි

Share with your friends :

කොවිඩ් වසංගත තත්වය නිසා ඉතාම ඉක්මනින් පාසල් විවෘත කිරීමට හැකියාවක් නැති බවත් පාසල් ඉක්මනින්ම විවෘත කළහොත් සිසු දරුවන්ගේ සෞඛ්‍යමය ජීවිතයට බරපතළ අවදානමක් මතුවිය හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය

වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව පාසල් විවෘත කිරීමේ දින වකවානු තීරණය කරන බවද ඔහු සඳහන් කළේය.

මෙය ශ්‍රී ලංකාවට පමණක් විශේෂවූ තත්වයක් නොවන බවත් ලෝකයේ බොහෝ රටවල්ද මේ ප්‍රශ්නයට විසඳුම් සොයමින් සිටින බවත් මහාචාර්යවරයා කීවේය.

වසංගත සමයේදී දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ප්‍රධාන උපක්‍රමය ලෙස පාවිච්චි කරන්නේ මාර්ගගත දුරස්ථ අධ්‍යාපනය බව පැවසූ අධ්‍යාපන ඇමතිවරයා “ගුරුගෙදර”ඊ තක්සලාව වැනි වැඩසටහන් මේ සඳහා දැනටමත් යොදා ගන්නා බවද ප්‍රකාශ කළේය.

ගුරුගෙදර පාඩම් රූපවාහිනිය හරහා ලබාදෙන බවද ඊ තක්සලාව ඉන්ටනෙට් ක්‍රමවේදයක් බවද ඔහු පැවසුවේය.

මේ මාධ්‍ය ප්‍රයෝජනයට ගත නොහැකි දරුවන් පිරිසක්ද සිටින බවත් ඒ ගැටළුවටද ප්‍රායෝගික විසඳුම් ලබාදීමට වෙහෙසෙමින් සිටින බවත් පීරිස් මහතා පැවසීය

Share with your friends :