27 C
Colombo
08/11/2024

GMOA නිලවරනයත් කල් යයි

Share with your friends :

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ 2021/2022 වර්ෂය සඳහා ලබන 26 වැනි දා පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය පැවැත්වීමෙන් වළකින ලෙස දැනුම් දුන් කොළඹ දිසා අධිකරණය වත්මන් විධායක කමිටුවේ කටයුතු පවත්වාගෙන යෑමට බාධා නොකරන ලෙස ද දැනුම් දුන්නේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්වරුන් පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව දිසා විනිසුරුවරයා එලේස නියම කළේය.

මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය අමතමින් ලබන 26 වැනි දා නිලවරණය පැවැත්වීමට සුදුසු වාතාවරණයක් ඇද්දැයි තම සේවාදායකයින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසීමක් කළ විට එදින නිලවරණය පැවැත්වීමට නුසුදුසු බව ඔහු දැනුම් දීම නිසා එදින නිලවරණය නොපැවැත්වෙන බව දැනුම් දුන්නේය.
මේ අතර වෛද්‍යවරුන් ගේ තවත් සංගමයක් පසුගියදා පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොරෝනා පෙන්වා නිලවරණය කල් දැමීමට කටයුතු කරමින් සිටින බවයි.

Share with your friends :