27 C
Colombo
19/01/2025

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය හෙට කතානායකට

Share with your friends :

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට(22) පෙරවරුවේ කථානායකවරයාට භාර දීමට නියමිතය.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම පසුගිය බදාදා (16) වනදා ආරම්භ කෙරිණි.
ඒ සඳහා සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පක්ෂ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරුන් සහ පක්ෂ නායකයන් ඇතුළු මන්ත්‍රීවරුන් 39 දෙනෙකු මේ වනවිට අත්සන් තැබූහ.
විශ්වාසභංග යෝජනාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ගේ සහාය ලබා ගැනීමට නියමිතය.
ඒ සඳහා පොදු ජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සහය ලැබීම හෝ නොලැබීම කෙසේ වෙතත් ඔවුන් ඡන්ද විමසීමට නොපැමිණීමට ඉඩ ඇති බවටද පැවසේ.
මේ වන විට ඉන්ධන මිල වැඩි වීම සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය පලවී තිබේ.

Share with your friends :