27 C
Colombo
24/11/2024

මිනුවන්ගොඩ දින 18 ක් වයසැති බිළිඳකු කොවිඩ් ආසාදිතවීමෙන් මරුට

Share with your friends :

මිනුවන්ගොඩ පීල්ලවත්ත ප්‍රදේශයේ දින 18 ක් වයසැති බිළිඳකු කොවිඩ් ආසාදිත වීමෙන් මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .

උපතින්ම ආබාධිත තත්ත්වයේ පසුවූ බිලිදා මීගමුව රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී 18 වෙනිදා මිය ගොස් ඇති බවත් පසුව සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී බිළිඳාට කොවිඩ් බවට තහවුරු වූ බව ද සෞඛ්‍ය අංශ කියයි.

මියගිය බිළිඳාගේ මව සහ පියා ව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කළ බවත් එම පරීක්ෂණයෙන් ඔවුන් දෙදෙනා ආසාදිතයින් නොවන බවට තහවුරු වී ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි .

මියගිය බිළිඳාගේ මව පියා ඇතුළු පවුලේ උදවිය නිවෙස තුළම නිරෝධායනයට යොමු කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති .

Share with your friends :