ඉන්ධන ලබා ගැනීම සඳහා රාජ්‍ය බැංකු දෙකකින් ලබා ගන්නා ලද ණය පොලිය පියවීම සඳහා බලශක්ති අමාත්‍යංශය විසින් ජාත්‍යන්තර පෞද්ගලික ණය දෙන ආයතන වලින් ඩොලර් බිලියනයක ණයක් ගැනීමට සුදානම්වේ.
මෙසේ ලබාගන්නා මුදල් මහජන බැංකුවට සහ ලංකා බැංකුවට තෙල් සංස්ථාව විසින් ගෙවීමට ඇති ණය පොලියෙන් කොටසක් ගෙවීමට යොදවනු ඇත.
අඩු පොලී අනුපාතික යටතේ මෙම ණය මුදල ලබා ගනීමට බලශක්ති අමාත්‍යංශය චීන හා ජපාන බැංකු සමග සිදු සාකච්ඡා කර ඇති නමුත් මෙරට පවතින මුල්‍ය අර්බුදය නිසා එම සාකච්ඡා බොහෝ දුරට අසාර්ථක වී ඇත.
