ග්ලොබල් ලයිෆ් ස්ටයිල් ලංකා පුද්ගලික සමාගම විසින් සිදු කරන ප්‍රජා සත්කාර වල තවත් එක් වැඩසටහනක් ලෙස ඊයේ (18) දිනයේ දී දෙරණ මාධ්‍යය ජාලයේ මනුසත් දෙරණ ව්‍යපෘතියේ නව ආරම්භයක් වන ගං වතුරෙන් පිඩා විදින ජනතාවගේ අපිරිසිදු වූ ළිං පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ට එම ආයතනයේ මෙහෙයුම් විධායක ප්‍රධානී ආචාර්ය සෝලා මහාතා , ප්‍රධාන මූල්‍ය නිලධාරී ඩෙරික් මහතා සහ අලෙවිකරණ හා පුහුණු කළමනාකරු ජූඩ් පෙරෙරා යන මහත්වරුන් විසින් මූල්‍යාධාර ලබා දෙමින් නව පනක් ලබාදුන්නා. තවද දෙරණ ආයතනය සිදු කරන මේ සමාජ සත්කාරය වන මනුසත් දෙරණ සමග ඉදිරියටත් වැඩකටයුතු කරන බවට එම ආයතනයේ අලෙවිකරණ හා පුහුණු කළමනාකරු ජූඩ් පෙරෙරා මහතා ප්‍රකාශ කර සිටියා.