27 C
Colombo
19/01/2025

ශානි අබේසේකර ඇප මත මුදා හරී

Share with your friends :

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් යන මහත්වරු අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාරව ඇප මත මුදා හරින ලෙස ගම්පහ මහාධිකරණ විනිසුරු එස්.වයි. මාපා බණ්ඩාර මහතා නියෝග කර තිබේ.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුලු සැකකරුවන් සම්බන්ධයෙන් වූ නඩුවකට බොරු සාක්ෂි නිර්මාණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මාස 11ක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිට්යේය.

ඒ අනුව අභියාචනාධිකරණයෙන් පනවන ලද ඇප කොන්දේසි ප්‍රකාරව එක් අයකුට රුපියල් 25,000 ක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුවන් දෙදෙනා මුදා හැරීමට ගම්පහ මහාධිකරණ විනිසුරුවරයා එලෙස නියම කළේය.

ඇප කොන්දේසි වශයෙන් මුදල් සහ ශරීර ඇපයන්ටෙ අමතරව විදෙස් ගමන් තහනම් කර තිබූ සැකකරුවන් දෙදෙනාගේ විදෙස් ගමන් බලපත්‍ර ද ගම්පහ මහාධිකරණය භාරයට ගැණීනි.

ශානි අබේසේකර මහතා වෙනුවෙන් ඔහුගේ සොහායුරන් දෙදෙනකු සහ සුගත් මෝහන මෙන්ඩිස් මහතාගේ බිරිඳ සහ පුත්‍රයා ඇපකරුවන් ලෙස අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඒ අනුව, ශානි අබේසේකර යන අය මුදා හරින ලෙසට වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාටත් සුගත් මෝහන මෙන්ඩිස් යන අය මුදා හරින ලෙස මහර බන්ධනාගාර අධිකාරීවරයාටත් මහාධිකරණයෙන් නියෝග නිකුත් විණී.

මෙම සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසට ඔවුන්ගේ නිතීඥවරුන් විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අභියාචන පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබූ අතර මහාධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබිණී. පසුව එම තීන්දුවට එරෙහිව නිතීඥවරුන් අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුමඩුල්ල සැකකරුවන් දෙදෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට නියම කළේය.

ඒ අනුව එම ඇප කොන්දේසි ගම්පහ මහාධිකරණය හමුවේ කියවාදීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනාට ඇප නියම කෙරිණී.

මෙම සිද්ධියට අදාළ තවත් සැකකරුවකු වන උප පොලිස් පරික්ෂකවරයකු වූ හේවා දේවගේ නවරත්න ප්‍රේමතිලක යන අය තවදුරටත් රක්ෂිත භාරයේ පසුවෙයි.

Share with your friends :