ශ්‍රී ලංකාවේ අමෙරිකානු නව තානාපති ලෙස Julie Jiyoon Chung නම් කර තිබේ.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් මෙම නම් කිරීම සිදුකර ඇත.
Julie Jiyoon Chung මහත්මිය ශ්‍රී ලංකාව මෙන්ම මාලදිවයිනේ ඇමරිකානු තානාපති ලෙස කටයුතු කරනු ඇත.
දකුණු කොරියාවේ සියෝල් නගරයේ උපත ලබා වයස අවුරුදු 5 දී එනම් 1977 දී ඇමරිකාවට තම දෙමාපියන් සමග සංක්‍රමණය වී ඇති ඇය පසුව ඇමරිකාවේ අධ්‍යාපනය ලබා තිබේ. ඇය කොරියානු , ජපන් , කැම්බෝඩියා , ස්පාඤ්ඤ, චීන,වියට්නාම් සහ තායි භාෂාවන් ඇතුළුව භාෂා ගනනාවක ප්රවීනත්වයක් දරයි.
විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන ඇය අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩබලන සහකාර ලේකම්වරියක් ලෙස මේ වනවිට කටයුතු කරනු ලබයි.
මීට පෙර Julie Jiyoon Chung මහත්මිය කාම්බෝජය, තායිලන්තය, ඉරාකය, කොලොම්බියාව, වියට්නාමය, ජපානය සහ චීනය යන රටවල අමෙරිකානු තානාපති කාර්යාලවල විවිධ තනතුරු දරා ඇත.