27 C
Colombo
20/01/2025

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය ජුනි 18 වැනිදා සිට 22 වැනිදා දක්වා

Share with your friends :

පළමු වරට පැවැත්වෙන ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය ජුනි 18 වැනිදා සිට 22 වැනිදා දක්වා එංගලන්තයේදී පැවැත්වේ.
මෙවර තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ ඉන්දියාව සහ නවසීලන්තයයි.
තරගාවලියේ ශූරයින්ට සහ අනුශූරයින්ට පිරිනැමෙන මුදල් ත්‍යාග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇති අතර ඒ අනුව, ටෙස්ට් ශුරතාවේ ශූරයින් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක මුදලක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
අමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක් අනුශූරයන් වෙනුවෙන් පිරිනැමීමට නියමිතය.
තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් මෙම මුදල සමානව කණ්ඩායම් දෙක අතර බෙදෙනු ඇත.
මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පළමුවරට පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ නීතී රෙගුලාසි අනුව ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ දින 5 ඇතුළත වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් අමතර දිනයක් ලබා දීමට නියමිතය.

Share with your friends :