27 C
Colombo
20/01/2025

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට ෆයිසර් එන්නත ?

Share with your friends :

කොරෝනා මර්දනය කිරීම සඳහා ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවැනි එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමේ හැකියාව සොයා බලමින් සිටින බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග කමිටුවෙන් සහ ජාතික ඖෂධ නියාමන කමිටුවෙන් විමසීම් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

ජාත්‍යන්තරව සිදු කර ඇති ඇතැම් පර්යේෂණවලින් ඇඇස්ට්‍රාසෙනිකා මෙසේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමෙන් වැඩි ප්‍රතිශක්තියක් ලැබෙන බවට තහවුරු වී ඇතැයි ද චන්න ජයසුමන මහතා පැවසීය.

විද්වත් මතය සුබවාදී වුවහොත් එය ක්‍රියාත්මක කරන බවද චන්න ජයසුමන මහතා කීය.

ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන ඇති මුළු සංඛ්‍යාව 925242කි. ඉන් පුද්ගලයින් 355675 දෙනෙකුට පමණක් මේ වන විට කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී තිබිණ.

Share with your friends :