27 C
Colombo
22/01/2025

කැස්බෑ – ඩෝල්ෆින් සිරුරු හමුවෙයි

Share with your friends :

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් පසුව ඩොල්ෆින් සතුන් 05 දෙනෙකුගේ හා මියගිය කැස්බෑවුන් 20ක ගේ සිරුරු මේවනවිට හමු වී ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කොළඹ සහ කොස්ගොඩ දක්වා වෙරළ තීරයන් ආශ්‍රිතව මෙම සිරුරු සොයා ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා කියයි.

ඒ අනුව මේ වනවිට මියගිය ඩොල්ෆින් සත්ත්වයින් 5 දෙනෙකුගේ සිරුරුද ,මියගිය කැස්බෑවුන් 20 කට අධික සංඛ්‍යාවකගේ සිරුරු මේ වනවිට හමුවී ඇතැයි වනජීවි දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගිය කැස්බෑවුන්ගේ පටක කොටස් අවශ්‍යතාව අනුව ඉදිරි විමර්ශන රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බව ඔහු සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අප රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසූයේ, අදාළ පටක කොටස් ඇතුළු සාම්පල තවදුරටත් ලැබෙමින් ඇති බවය.

ඒ පිළිබඳ පූර්ණ විමර්ශනයක් සඳහා විශේෂ කණ්ඩායමක් අනුයුක්ත කර ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Share with your friends :