27 C
Colombo
23/01/2025

චීන “ණය ආධිපත්‍යය” මට්ටු කරන්නට G-7 රටවල නායකයෝ එකඟතාවයක

Share with your friends :

චීනය ලොව පුරා පතුරුවමින් යන ” ණය ආධිපත්‍යය ” අවසන් කිරීම සඳහා අඩු ආදායම්ලාභී රටවලට නව යටිතල පහසුකම් ආයෝජන සිදු කරන්නට G-7 රටවල නායකයෝ ඒකාබද්ධ තීරණයක් ගෙන ඇත.
බ්‍රිතාන්‍යයේ පැවති G-7 සමුළුවේදී එම රටවල නායකයෝ එම තීරණය ගෙන තිබේ. මේ යටතේ ඉහල තත්වයෙන් යුත් වඩා විනිවිද භාවයකින් යුතු ක්‍රමවේදයක් යටතේ අදාළ යටිතල පහසුකම් ව්‍යාපෘති ලබාදීමට යෝජිතය.
ඇමරිකා එක්සත් ජනපදය,කැනඩාව,එක්සත් රාජධානිය,ජර්මනිය,ඉතාලිය,ප්‍රංශය හා ජපානය යන රටවල නායකයෝ මෙම එකඟත්වයට පැමිණියහ.
මෙහිදී ලෝක නායකයෝ සාකච්ඡා කර ඇත්තේ චීනය ලොව අඩු අදායම්ලාභී රටවල් ණය උගුලකට හසු කර ගන්නා බවය.
ලොව ධනවත්ම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් මෙම G-7 කණ්ඩායමට අයත් වෙති.

Share with your friends :