27 C
Colombo
24/01/2025

ගම්මන්පිල සටනට – ඉන්ධන මිල වැඩි කලේ මහා භාණ්ඩාගාරය විසින් බව කියයි

Share with your friends :

ඉන්ධන මිල වැඩි කිරීම හෝ අඩු කිරීම තීරණය කරන්නේ මහා භාණ්ඩාගාරය විසින් බවත් බලශක්ති අමාත්‍යාංශය විසින් සිදු කළේ එය ප්‍රකාශයට පත් කිරීම බව අමාත්‍යංශ
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් සිදුකරන ලද දැනුම් දීමෙන් පසුව ඔහු මේ බව පැවසීය.

කොවිඩ් 19 තත්ත්වය හමුවේ ඉන්ධන මිල ඉහළ දමමින් තවදුරටත් ජනතාව අසීරුතාවට පත්වන තීන්දුවක් ගැනීම හේතුවෙන් විෂය භාර අමාත්‍යවරයා එයට සෘජුව වගකීම ගත යුතු බවත් එම වගකීම ගෙන ඉල්ලා අස් විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කර තිබිණි.

ජනතාව ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව ඇති අවස්ථාවක තවදුරටත් ජනතාව අසීරුතාවට පත්වන ආකාරයේ තීරණයක් ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති තත්ත්වයට රජය පත්කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ අවධානය යොමුව ඇති බවත් පක්ෂයේ මතය වන්නේ කොරෝනා උවදුර හමුවේ පීඩාවට පත්ව ඇති අවස්ථාවක තෙල් මිල වැඩි කිරීම මඟින් ජනතාව මත අතිරේක පීඩනයක් ඇතිකිරීම නොකළ යුතු තත්ත්වයක් බව ද එහි දක්වා ඇත.

විශාල අභියෝග රැසකට මුහුණ දෙමින් රටේ සංවර්ධනයට කැප වී කටයුතු කරන මෙවන් අවස්ථාවක වුවමනාවෙන්ම අප පක්ෂය හා එහි නායකයින් අප්‍රසාදයට පත්කිරීම සඳහා මෙවැනි තත්ත්වයක් ඇතිකරනු ලබන්නේද යන සාධාරණ සැකයක් මතුව ඇති බව සාගර කාරියවසම් මහතා නිකුත් කර තිබෙන එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

Share with your friends :