කොරෝනා අසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ වන ජලනි පේමදාස මහත්මිය සුවය ලබා සිය නිවස වෙත පැමිණ තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනි ප්‍රේමදාස මහත්මිය රෝහලෙන් සුවය ලබා ප්‍රථමයෙන් කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත් වලට සහභාගි වෙමින් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්හ.
මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමිපාණන් වහන්සේ, තීනියාවල පාලිත නාහිමිපාණන් වහන්සේ, ය උග්ගොඩ ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ, ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය විපක්ෂ නායකවරයා ප්රමුඛ සියලු රට වැසියන්ට ආශිර්වාද පතා සෙත් පිරිත් සජ්ජායනාවක් පවත්වනු ලැබූහ.
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය මැයි 23 දා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබූහ.