27 C
Colombo
17/11/2024

ඉන්ධන මිල වැඩි කිරීම ගැන ගම්මන්පිලට ආණ්ඩුවෙන්ම විරෝධය

Share with your friends :

ඉන්ධන මිල ඉහල දැමීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පිරිස් විරෝධය පල කර තිබේ.

ඒ සම්බන්ධයෙන් තම විරෝධය පළ කරමින් ඔවුන් ඉදිරියේ දී අදහස් පළ කරනු ඇති බව ද ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක්ද වන වන ශ‍්‍රී ලංකා පුවත් පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සිය සමාජ ජාල ගිණුමේ හරහා බලශක්ති ඇමතිවරයාව ප‍්‍රශ්න කරමින් මෙසේ සටහනක් තබා ඇත.

”රජයේ ආදායම් මාර්ග අඩපණ වීම යන කාරණා පසුබිමෙහි තබාගෙන වුව බලශක්ති ඇමතිවරයාගෙන් පහත ප්‍රශ්න අසන්නේ ඒවාට පැහැදිලි කිරීමක් අපේක්ෂාවෙනි. ‍රශ්න අසන්නේ ඒවාට පැහැදිලි කිරීමක් අපේක්ෂාවෙනි.
1, ලෝක වෙළඳපලෙහි තෙල් මිළ ඉතා අඩු මට්ටමක පැවති අවස්ථාවේ බලශක්ති අමාත්‍යාංශය ඉදිරියට සැලසුම් කරමින් තෙල් තොග ආනයනය නොකළේ ඇයි?
2, ලංකාවට බොරතෙල් වෙනුවට මිළ අධික පිරිපහදු කළ තෙල් ආනයනය කරන්නේ ඇයි?
3, අඩුමිළ සහිත ඔපෙක් රටවලින් මිළ දී නොගෙන සිංගප්පූරු වෙළඳපොලින් තෙල් මිළට ගන්නේ ඇයි?”

උදය ගම්මන්පිල මහතා ලොව අඩුම ඉන්ධන මිල ගණන් වාර්තා වූ අවස්ථාවේ 2020 වසරේදී ප්‍රකාශ කලේ ජනතාව අනවශ්‍ය ගමන් බිමන් යන බැවින් ඉන්ධන මිල අඩු කරන්නට රජය කටයුතු නොකරන බවය.

මේ අතර ඉන්ධන සියළු වර්ගවල මිල වැඩි කිරීම්වල එකතුව රුපියල් හැට නවයක් බවත් එය ලස්සන අංකයක් බවත් දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා කියා සිටී.
දෙරණ අරුණ වැඩසටහනේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඉන්ධන මිල වැඩි වීමට සමගාමීව භාණ්ඩ හා සේවා මිල අද හෙට දින වල ඉක්මනින්ම ඉහළ යනු ඇතැයි ද ඔහු එහිදී පැවසීය.
දෙරණ මාධ්‍ය ජාලය මහා පරිමාණ ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාට අයත්වේ.

Share with your friends :