27 C
Colombo
18/11/2024

සංචරණ සීමා 14 දා ඉවතට – මත්පැන් හල් සහ විවාහ උත්සව තහනම දිගටම

Share with your friends :

කොවිඩ් 19 පාලනය කිරීම සඳහා රටපුරා පනවා ඇති සංචරණ සීමා ලබන 14 වැනිදා සඳුදා අලුයම 4.00ට ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

රටපුරා සංචරණ සීමා ඉවත් කෙරුණද පළාත් අතර ගමන් කිරීමේ සීමාව ඇතුළු අනෙකුත් සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙනු ඇති බවත් දිගටම පවත්වන සීමා සම්බන්ධයෙන් පසුව සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

සංචරණ සීමා සහ වෙනත් කටයුතු සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය යැයි ද ඒවා විශ්වාස නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය .

වෛද්‍ය විශේෂඥයන් සහ අදාළ අංශවල නිලධාරින් සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් කීවේය.

කොවිඩ් 19 පාලනය සඳහා දිවයින පුරා මෙම සංචරණ සීමා පනවනු ලැබුවේ පසුගිය මැයි මස 21වැනිදා සිටය.

රට පුරා සංචාරය සීමා මේ වන විට ක්‍රියාත්මක කර ඇති දින ගණන 18කි.

මේ අතර මත්පැන් ශාලා වසා දැමීමද විවාහ මංගල්‍ය උත්සව තහනමද කොවිඩ් පාලනය සඳහා දිගටම ක්‍රියාත්මක වන බව රජයේ ආරංචි මාර්ග වලින් දන ගන්නට ඇත.

Share with your friends :