සමගි ජන බලවේගයට එක්වූ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 69 දෙනාම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව පක්ෂයෙන් එලවා දමන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වලකන ලෙස අදාළ පළාත් පාලන මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් පසුව ඉහත පියවර ගන්නා බවද රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.
පක්ෂයෙන් පලවා මහ නගර සභා, නගර සභ ප්‍රදේශීය සභා හරින මන්ත්‍රීවරුන් වෙනුවට නවක මන්ත්‍රීවරුන් වහාම පත් ලෙස පක්ෂ එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේයැයි ද මහලේකම්වරයා වැඩිදුරටත් පවසයි.
පක්ෂයට විරුද්ධව යන අයට නීතිය පැත්තෙන් අත්වන ඉරණම ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් හොඳින්ම පෙන්නුම් කරන බවද පක්ෂ මහලේකම්වරයා සඳහන් කරයි.