නිරෝධායන රෙගුලාසි යටතේ පාර්ලිමේන්තුව ලබන 8වැනිදා අඟහරුවාදා අනිවාර්යයෙන්ම රැස්වන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
පාර්ලිමේන්තුව ලබන 8 වැනිදා දක්වා කල් තබා ඇති හෙයින් එදිනට අනිවාර්යෙන්ම රැස් විය යුතුවන බවත් පාර්ලිමේන්තු රැස්වීම් කල් දමනවා නම් එය කළ යුත්තේ එදින රැස්වීමෙන් පසුව බවත් ඔහු සඳහන් කළේය .
පාර්ලිමේන්තු රැස්වීම් ලබන අඟහරුවාදායින් පසුව පත්වන්නේ දැයි තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අනිද්දා (7 ) පැවැත්වීමට නියමිතය .