ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ රදවාතබා සිටින තමන් වහාම මුදාහැරීමට නියෝගය කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන මහත්වරු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ ඉවත් වන බව දැනුම් දී තිබේ.
ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
පෞද්ගලික හේතුන් මත තමා මෙම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත්වන බවද විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.
මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය , එස්.තුරේරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ බව සඳහන් කළේය.
ඉන් අනතුරුව මෙම පෙත්සම් සලකා බැලීම ලබන 11 වැනිදා තෙක් කල් තැබීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය .
මෙම පෙත්සම් ඉකුත් 28 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූ අවස්ථාවේදී එහි විනිසුරු සාමාජික ජනක් ද සිල්වා මහතා ද පෞද්ගලික හේතුන් මත මෙම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වූයේය.