27 C
Colombo
25/11/2024

වැඩ වර්ජන නවත්වන්න සෞඛ්‍ය, පළාත් සභා, සතොස අත්‍යවශ්‍ය සේවාවන් කෙරේ

Share with your friends :

සෞඛ්‍ය සේවයට අදාළව ඉටුකළ යුතු වන්නා වූ කවර හෝ ස්වභාවයේ සියළුම සේවාවන්, පළාත් සභා යටතේ වන සියළුම රජයේ කාර්යාල මගින් ඉටුකළ යුතු වන්නා වූ සියලුම සේවාවන් සහ සීමාසහිත ලංකා සතොස ආයතනය සහ සමූපකාර සමිති ඇතුළු අනුබද්ධ ආයතනවල සියළුම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති ගණනාවක්ම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ප්‍රකාශයට පත්කර තිබියදී මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබීම විශේෂත්වයකි.

Share with your friends :