27 C
Colombo
21/11/2024

පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායන මධ්‍යස්ථානයකට

Share with your friends :

මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සහ අත්අඩංගුවට ගෙන ඇප මුදාහැරි 13දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබේ.

මේ අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ද නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

පෞද්ගලික රෝහලක සිටිය දී ඔහුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් තම භාරයට ගෙන ඇත.

පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කොළඹ ශැන්ග්‍රීලා හෝටලයේ දී නිරෝධායන රීතින් උල්ලංඝනය කරමින් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පි චන්දිම ජයසිංහ මහතාගේ උපන්දින සාදයට සහභාගි වු තවත් පුද්ගලයින් 07 දෙනෙකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව එම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ දින අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයින් 06 දෙනාද ඇතුළුව මුළු පුද්ගලයින් පුද්ගලයින් 13 දෙනෙකු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදි කොටුව පොලීසිය විසින් එම පුද්ගලයින් බන්ධනාගාර ගත කර නිරෝධායනයට යොමු කරන ලෙස ඉල්ලීමක් කළද, තමන්ට ඒ සඳහා බලතල නොමැති බව ප්‍රකාශ කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය මහතා එක් අයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියම කළේය.

කෙසේ වෙතත් එම පිරිස එක්වර සමාජයට මුදාහරීම උචිත නොවන බැවින් අධිකරණයෙන් ඇප හිමිවු පුද්ගලයින් 13 දෙනා සහ පියුමි හන්සමාලි ඇතුළු පිරිස පස්සර නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමුකිරීමට කොටුව පොලීසිය පියවර ගෙන ඇත.

Share with your friends :