ගැබිණි මවුවරුන් සඳහා ද කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ එන්නත් පිළිබඳ මෙහෙයුම් කමිටුවේ අනුමැතිය හිමිව ඇත.
ඒ සඳහා අවශ්‍ය චක්‍රලේඛ මේ වන විට සකස් කරමින් පවතී.
මෙහිදී ගැටලු හා සංකූලතා ඇති මවුවරුන්ට ප්‍රමුඛතාව ලබාදෙනු ඇත.
මේ වන විට කොවිඩ් ආසාදිත ගර්භනී මවුවරුන් හත් දෙනකු මියගොස් ඇත. කළුබෝවිල රෝහලේදීද ගර්භනී කාන්තාවක් මියගොස් තිබේ.
අත්‍යාවශ්‍යම කටයුත්තකට හැර ගැබිනි මවුවරුන් නිවසෙන් පිටතට නොයා යුතු බවද එසේ යාමේදී ද නිවැරදිව මුහුණු ආවරණ පැළදීම, පුද්ගලික දුරස්ථභාවය ආරක්ෂා කරගැනීම, සබන් සහ පිරිසිදු ජලයෙන් දෑත් පිරිසිදු කරගැනීම ආදී සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදිව පිළිපැදීම වැදගත් බවද වෛද්‍යවරු පවසති.
මේ අතර කොරෝනා ආසාදිතව සිටි මවකගේ කුස තුළ දී මියගිය සති 37ක් වයසැති බිළිඳු කළලයකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයක දී අනාවරණය වී තිබේ.
මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි මහත්මිය පවසන්නේ එම කළලයේ ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකිරීම මගින් කොරෝනා ආසාදිත බව තහවුරු කරගැනීමට හැකිවූ බවයි.
මෙලෙස මළ දරු උපතක් සිදුකර ඇත්තේ ගාල්ලේ දඩල්ල මහමුදලිමාවතේ පදිංචි 31 හැවිරිදි කාන්තාවකි. කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කරන්දෙණිය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට සුව වී යළි නිවසට පැමිණ සිටි ඇය පසුගිය දා සිය තුන්වැනි දරු ප්‍රසූතිය සදහා මහමෝදර රෝහලට ඇතුළත් වී ඇත. පසුගිය 31 වැනි දා ඇගේ නූපන් බිළිඳිය කුස තුළම මියගොස් ඇත.