නිරෝධායන නීති උල්ලංඝණය කරමින් උපන්දින සාදයක් පැවැත්වීම සඳහා පහසුකම් ලබාදුන් කොළඹ ෂැංගිලා හෝටලයේ කළමනාකාරීත්වයට සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට ද ඉදිරියේ දී නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම සාදය සඳහා පුද්ගලයන් 25ත් 30ත් අතර ප්‍රමාණයක් සහභාගි වී ඇති බව දර්ශනවලදී අනාවරණ වී ඇති අතර මේ වන විට සිදුකළ මූලික විමර්ශනවලින් දොළොස් දෙනකු හඳුනාගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කියයි.
එම සාදය පැවැත්වූ ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සහ ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.
සාදයට සහභාගිවූ ඉතිරි පිරිස හඳුනාගැනීම සඳහා ෂැංගිලා හෝටලයේ සි සි ටි වි දර්ශන පරික්ෂා කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියයි.