දිවයින පුර පිහිටි සියලූම සුරාසැල් ජූනි මස 7 වන දින තෙක් මුද්‍රා තැබීමට රජය තීරණය කර තිබේ.
සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ සුරාබදු බලපත්‍රලත් සියලුම ස්ථාන එලෙස මුද්‍රා තැබෙනු ඇත.
සංචරණ කාලසීමාවේදී මත්පැන් හොරට විකිණීම ඇතුළු අක්‍රමිකතා සිදුවීම වැළැක්වීමටත් බලපත්‍ර සහිත ස්ථානවලට විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ලවන බලපෑම් නතර කිරීමත් සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස මෙලෙස මුද්‍රා තැබීම සිදු කෙරේ.
රටපුරා සුරාබදු බලපත්‍ර සහිත ස්ථාන මුද්‍රා තැබීමට සියලු දිස්ත්‍රික් බාර සුරාබදු අධිකාරිවරුන්ට සහ ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා ලබාදී ඇත.